An explanation from the Office of former President Maithreepala Sirisena with regard to the donation of $ 5 Million, for the Easter Sunday attack Rehabilitation work...
ලෝක මුස්ලිම් ලීගයෙන් දුන් ඩොලර් මිලියන 05 ගැන හිටපු ජනපති කරුණු පහදයි ලෝක මුස්ලිම් ලීගය නම් වු සංවිධානය විසින් 2019 ජුනී 30 දින ශී‍්‍ර ලංකාව තුල සමුළුවක් පවත්වා එහිදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සඳහා ලබා දීමට ඇමරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් ආධාර වශයෙන් එවකට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පිරිනමා ඇති බවත් එම මුදල් විපතට පත් ජනතාවට ලබා නොදුන් බවටත් අවස්ථා ගණනාවකදී පූජ්‍ය පක්ෂය හා විවිධ පුද්ගලන් මාධ්‍යයට කරණු දක්වනු ලැබුවා. කෙසේ වෙතත් මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහභාගී වුයේ එවකට ජනාධිපතිවරයා ලෙස ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බවයි සඳහන්. තවද මෙම මුදල් සම්බන්ධව මතභේදාත්මකව කරුණු ඉදිරිපත් කිරීමත් සමග මෙම සමුළුව සංවිධානය කළ සංවිධායක කමිටුව සඳහන් කරන්නේ ලෝක මුස්ලිම් ලීගයෙන් ලිඛිතව එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාව සිටි ඒ.ජේ.එම් මුසම්මීල් කළ විමසීමකට අනුව ලෝක මුස්ලිම් සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහාම්ද් බින් අබ්දුල් කරීම් අල් ඊසා විසින් ඊට පිළිතුරු වශයෙන් ලිපියකින් දැනුම් දී තිබෙන්නේ ප්‍රහාරය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව , මිය ගිය අයගේ ආගම , මිය ගිය සහ තුවාළ ලැබූවන්ගේ නාම ලේඛනය , ප්‍රහාරය හේතුවෙන් සහ ඊට අදාළව හානියට පත් දේපොළෙහි වටිනාකම , වැන්දඹවන් සහ අනත් දරු සංඛ්‍යාව , වෙනත් අදාළ තොරතුරු , ජනාධිපති හෝ අගමැතිගේ පුණාධාර ගිණුම් අංකය , නිසි පරිදි තොරතුරු තවමත් ලබා නොදීම නිසා මෙම මුදල් ශී‍්‍ර ලංකාවට ලබා දී නොමැති බවයි. එම සංවිධානය ප්රදානය කිරීමට බලාපොරොත්තු වු මුදල් පරිත්‍යාගය තවමත් ශි‍්‍ර ලංකා රජයට, පුණ්‍ය ආයතනයකට හෝ වෙනත් පාර්ශවයකට තවමත් ප්රදානය කර නොමැති බව වැඩි දුරටත් දන්වා ඇති අතර වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ජා කොට සහ ආගමික කටයුතු ඇමතිතුමා සමග සෘජුවම සම්බන්ධ කොට ගෙන අවශ්‍ය කටයුතු වේගවත් කිරීමට බලාපොරොත්තු වන බවද ඉහත ලිපියේ සඳහන් වන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. මේ අනුව පසුගිය දින කිහිපයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම මෙම මුදල් හිටපු ජනාධිපතිවරයා වන මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ප්‍රධාන කළ බව හුවා දක්වමින් ගෙන ගිය අසත්‍ය මාධ්‍ය වාර්තා කණගාටුවෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බවයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
0 Comments:
Post a Comment