💖💖💖 "ජේසුත් එක්ක මං ගමනක්" 💖💖💖
👨👩👦👦 අපේ සමාජයේ අද කිරුලු පැළදගෙන ඉන්න ගොඩක් දෙනාගේ ජීවිතවල මුල් කාලයේ දී ඔවුන් ඉතා දුෂ්කර, සිත් වේදනා වලින් පිරිච්ච බලාපොරොත්තු කඩවීම්, කොන් වීම් වැනි බොහෝ නොයකුත් බාධක මතින් තමයි අද ඔවුන් ඉන්නා තැන් ගොඩනගාගෙන තියෙන්නේ. හැබැයි එදා එහෙම දිරියෙන් නැගී සිටින මිනිසුන් සිටියත් අද ඉන්නේ ප්‍රශ්න බාධක හමුවේ ජීවිතයෙන් පලා යන නිවට මිනිසුන්වීම කනාගටුවට කරනකි. ඒ නිවට බවට හා බොළද බවට හේතුවකුත් නැතුවාම නොවෙයි.
අද අප සමාජයේ දකින බොහෝ සිදුවීම් අතරින් ළමා ලෝකය දිහා බලමු. අද අපි අපේ ළමයින්ට අනාගතය කියන එළිපත්ත පනින්න කියා දෙන විදිය අන්තිම නින්දිත හා මනන්කල්පිත ක්‍රියාවලියකි. උදාහරනයක් මම පෙන්වා දෙන්නට කැමතයි.
පාසලක පංති නායකයෙක් තෝරන්න ගත්තා. එතන සම දක්ෂතා ඇති දරුවන් කිහිප දෙනෙක් සිටියා. එයින් එම ගුරුවරු එක ළමයෙක් තෝරාගත්තා. එයට ඔවුන් පෙන්වා ඇත්තේ එම දරුවා අනෙක් ළමුන්ට වඩා පංතියේ බාහිර වැඩ වලටත් ඉතා සහහෝගයෙන් උදව් කරන බව. ඉතින් මේ නොතේරුන ළමුන් අතරින් එක් ළමයෙක් මෙම නායක කමට ඉතා දැඩි ආසාවකින් හිටියා. ඔහුට මෙය දාරාගත නොහැකි වුනා. ඉතින් එම දරුවා තම දෙමාපියන් වෙත දන්වා සිටියා මට පන්ති නායකකම ලැබුනේ නෑ කියලා.
👉🏼👉🏼 මෙන්න මෙතන තමයි අප වැඩිහිට සැමට වැරදුනු තැන 👈🏼👈🏼
මේ දරුවාගේ දෙමාපියන් මෙ කාරණාව දැනගත් සැනින් එම දරුවාද කැටුව එවලේම එම දරුවාගේ ගුරුවරයා හමුවට ගොස් ඔහුට ඉතා පරුෂ ලෙස හා අමානුෂික ලෙස බැන වදිමින් අපහස කරන්නට ගත්තා. ගුරුවරයා නිහඩව මේ සියල්ල ඉවසිමෙන් දරාගෙන සිටියා පමනක් නොව ඔහු විටින් විට එම දරුවා දෙස බලන විට දරුවා තමා දෙස බලමින් සමච්චලේට මෙන් සිනාසෙන බව දුටුහ.අවසානයේ දරුවාව නැවතත් තොපේ ඔය පාසලට නම් එවන්නේ නැතැයි කියමින් එතනින් දෙමාපියන් දෙදෙනා සහා දරුවා එතනින් පිටවුනා. පසුව එම දරුවාව ඔවුන් ළගින්ම ඇසුරු කළ පුද්ගලයෙකු විදුහල්පතිව සිටි වෙනත් පාසලකට මාරු කර තම දරුවා පංති නායක ලෙස පත්කර ගත්හ.
👉🏼👉🏼 දරුවා එයින් තෘප්තිමත් වුයේ තමන් කෙසේ හෝ තම අවශ්‍යතාවය ඉටුකර ගත්තාය කියන අසම්මත හැගීමක් හිතේ පෙරදැරි කරගෙනය 👈🏼👈🏼
ඇත්තටම මේ දේ ඔබ අනුමත කරනවාද. ඇත්තටම මේ දෙමාපියන් සිදු කළේ දරුවාට යහපතක් කියා ඔබ සිතනවාද. මෙයට ඔබ තුලම ඇති පිළිතුර ඔබ ගැනද හොද මිනුම් දණ්ඩක් වනු ඇත.
ඇත්තටම මේ දරුවාට අවශ්‍ය වුයෙන් පංති නායක වීමටය. එහි වරදක් නැත. නමුත් දරුවාව වරදට පෙළඹවුයේ දෙමාපියන් විසින්ය. තමන්ට එන ගැටලු වලිදි වැරදි විදියට උත්තර හොයන ක්‍රමය කියා දුන්නේ මෙ දෙමාපියන් දෙදෙනාය.
පොඩ්ඩක් හිතන්න අම්මේ තාත්තේ.... ඔයාට පුලුවන්ද හැමදාම ඔබේ දරුවන් ළගින්ම ඉන්න. දරුවන්ගේ ගැටලු වලදි හැමදාම උත්තර හොයා දෙන්න. ඔබලාට බැහැ නේද. කවදා හරි ඔබේ සීමවෙන් එහාට ඔබේ දරුවා තනියම මුහුණ දෙන්න යනන් ඕනේ. හැබැයි එදාට ඔබේ දරුවා ඒ ගමනේදි උත්තර හොයන්න පෙළඹෙන්නේ තමන් පොඩිකාලේ ඉදන් අත්දැකපු, අත්විදපු සහා තම දමාපියන් ආදර්ශයෙන් ලබා දුන් දේවල් සිහියට නගමින්. ඒක බොරුයි කියලා ඔබ හිතනවානම් මෙතනින් එහාට මෙය කියවීමෙන් වළකින්න. මන්ද ඔබ හොද අම්මෙක් තාත්තෙක් නොවෙන නිසා.
ඉතින් මේ දරුවා තමුන් තනියම පා තබන අනාගත සාමාජයේ දි, තමුන්ට එන ප්‍රශ්න. පීඩාවන් වලන් මග හැරයෑම, අමානූෂිය ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම හැර වෙන යමක් ඉගෙන ගෙන ඇත්ද. නැත. ඔහුට එවන් අවස්ථාවකදී හැසිරිය යුතු අකාරයක්වත් දන්නේ නැත. නමුත් සමාජය අම්මා තාත්තා වගේ ඔහුට අනේ ඔයා පවු කියලා සලකන්නේද නැත. අවසානයේ දරුවාගේ ජීවිතය අදුරු වනු නිසැකය.
රැකියා ස්ථානයේ දි රැකියාවන් මාරු කරන්න උත්සහා කරනවා. එහෙම නැත්නම් රැකියා ස්ථානයෙ පීඩනයන් දරා ගත නොහැකිව මානසික ආතති ඇති කරගන්නවා. යහලු මිත්‍රයන් සමග ඉන්න බෑ. ඇයි ඒ. ඔහු කුඩා කල සිටම මමත්වය තුල ජිවත්ව සිටීමට පුරුදු වී සිටිය නිසා. කාගේ වැරදි ද මේ.රැකියාවෙන් උසස්වීමි නොලැබුනාම පාසැල් කාලේ වගේ රැකියාවල් මාරු කරන්න බෑ. එදා වගේ අම්මට තාත්තට අද මේවට උත්තර හොයලා දෙන්නත් බෑ. දරුවා මීට කලින් මෙහෙම තනියම උත්තර හොයාගෙන පුරුද්දක් නෑ. තමන්ගේ හදවත, බුද්ධිය, ගත සිත එකක්වත් මේ වගේ ගැටලුකාරි තත්වයන්ට මුහුන දීලා පුරුදු වෙලා නැ. අවසානයේ මානසික ආතති, මනස විකෘතී වීම් හෝ යම් යම් මානසීක අසහනයන්ට ගොදුරු වීම හෝ සියදිවි හානි කරගැනීම් වලට යෑම හැර වෙන කිසිවක් කරන්නට දරුවා නොදන්නෙය.
මේ හැම දේටම මුල තම දරුවාට ස්භාවිකවම කාලයා විසින් උරුම කරන ඒ යම් යම් කාලීන සිදුවීම් වලට මුහුණ දෙන්න දෙමාපියන් ඉඩ නොදීමයි. දරුවා තම පංති කාමරයේදි ම ඉගෙන ගන්න ඕනා තමුන්ට එන ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන ආකාරය හා තමාගේ හිත මනස හා ගත ප්‍රශ්න ගැටලු වලට හුරු කරගන්න.
ඉතින් අද නවීන දෙමව්පියන් මේ පිළිබදව දක්වන්නේ ඉතා අගතිගාමි ක්‍රියා පිළිවෙතක්. එයින් අද සමාජයේ බිහිවන දරු පරපුරත් අගතිගාමි ජීවන රාටාවක් අරුම කරගත් දරුවන් වී ඇත. මේ ලිපිය මෙතරම් දුරක් ඔබ කියවූයේ නම් ඔබ ඇත්තටම හොද අම්මෙක් තාත්තෙක් වෙන බවට සැකයක් නැත. ඔබ ඔබේ දරුවන්ට වාසානාවක් වන්නේය.
අම්මේ තාත්තේ....
ස්භාධර්මයා විසින් ඔබේ දරුවාට ලබා දෙන යම් යම ජීවිත ප්‍රශ්න පත්‍ර වලට උත්තර හොයන්න ඔවුන්ටම තනියම ඉඩ දෙන්න. මන්ද එය ඔහුට අනාගත අභිවෘද්ධිය උදෙසා ස්භාධර්මාය ලාබාදෙන අනගි පාඩමකි.
ඉතින් අපේ මේ වෑයම මෙහෙම තම ජීවිත ගමන දිරියෙන් නැගිටපු මිනිසුනේගේ ඒ වීර කථාව ඔබෙත් මගෙත් ජවිතයට ළං කරන්න. ඉතින් ඔබත් එක්වන්න අපිත් එක්ක. බෙදා ගන්න මේ පණිවිඩය.
සටහන :
රජිත් ශාන්ත
කිතු රාව මාධ්‍ය ඒකකය ✍🏼✍🏼✍🏼✍🏼✍🏼✍🏼✍🏼
0 Comments:
Post a Comment