අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය: ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන්

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය: ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම ඊයේ(26) රාත්‍රියේ නිල වශයෙන් අවසන් කෙරිණ. කොමිසම හමුවේ අවසන් වරට සාක්ෂි ලබා දුන්නේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතායි. කොමිෂන් සභාවේ කටයුතු අවසන් කිරීමේ සැසිය අද(27) පස්වරු 4ට පැවැත්වීමට නියමිතව ඇතැයි, සාක්ෂි විභාගය අවසන් කරමින් කොමිසමේ විනිසුරු මඩුල්ල ඊයේ රාත්‍රියේ දැනුම් දුන්නේ ය. ඒ අනුව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ලබන 31 වැනිදා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීමට නියමිතයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් මස 21 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව පත්කරනු ලැබී ය. 2019 වසරේ ඔක්තෝම්බර් මස 31 වන දින ඇරඹි අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති පරික්ෂණ කොමිසමේ පොලිස් ඒකකයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති සාක්ෂිකරුවන් ගණන 1570 කි. ඉන් සාක්ෂිකරුවන් 437 දෙනෙකුට අධික පිරිසකගෙන් ජනාධිපති කොමිසම සාක්ෂි විමසීම සිදුකර තිබේ. මෙම ජනාධිපති කොමිෂන් සභාවට සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය මාස 6 ක් වුවද, එම කාලය අවසන් වු 2020 මාර්තු මස 20 වැනිදායින් පසුව ද අවස්ථා දෙකකදි එහි නිල කාලය දීර්ඝ කිරීම විශේෂත්වයකි. අවසන් වරට කළ දිර්ඝ කිරීමට අනුව ජනාධිපති කොමිසමේ කාලය ලබන ජනවාරි මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
Share:

Related Posts:

0 Comments:

Post a Comment

Online Radio

Mobile App Available

කිතු රාව - Kithu Raawa Facebook Page

Subscribe Us