ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ සිය ශ්‍රී ලංකානු සංචාරයේදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් වල නිරත විය.
මෙම අවස්ථාවට මෙරට ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මියද රාජ්‍ය ලේකම්වරයා සමග සහභාගි විය.
මෙහිදී පසුගිය වසරේ පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් ස්මරණය කිරීම සඳහා සහ වින්දිතයින්ට මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙත සිය සංවේගය පළ කළේය.සිද්ධස්ථානය භාරව කටයුතු කරන ගරු ලලිත් පෙරේරා පියතුමන් ඒ මහාතාව පිළිගත් අතර දිසා නායක ගරු කිත්සිරි තිරිමාන්න ඇතුළු පුජාප්‍රසාදින් වහන්සේලා පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය.
0 Comments:
Post a Comment